
Sinhala and Tamil New Year
The Sinhala and Tamil New Year, celebrated in April, marks a joyous occasion of cultural harmony and renewal. Families gather to prepare traditional dishes, perform rituals, and exchange blessings. The vibrant festivities include games, music, and colorful traditions that symbolize prosperity and unity. This cherished festival brings communities together, fostering a spirit of togetherness and hope for the year ahead.
2025 Sinhala Avurudu Nakath | 2025 අලුත් අවුරුදු නැකෑත්
Sinhala and Tamil New Year, known as Aluth Avurudu in Sinhala and Puthandu in Tamil, is one of the most significant cultural celebrations in Sri Lanka. It marks the end of the old year and the beginning of a new one, based on the movement of the sun from the Meena Rashiya (Pisces) to the Mesha Rashiya (Aries). Unlike the Western New Year, the Sinhala and Tamil New Year follows a unique set of Nakath (auspicious timings) that dictate various rituals and customs.
Importance of Nakath
Nakath refers to the predetermined auspicious times set by astrologers for different Avurudu activities. These specific times are followed with great devotion to ensure prosperity, health, and happiness for the coming year. Every year, the Nakath times slightly vary based on astrological calculations.
සිංහල අවුරුදු චාරිත්‍ර
නව සඳ බැලීම
- අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 30 වැනි ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වැනි බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
- අප්‍රේල් මස 13 වැනි ඉරිදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
- අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්වභාග 03.21 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
- අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපරභාග 08.57 සිට පසුදින එනම් 14 වැනි සඳුදා පූර්වභාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අපේල් මස් 13 ඉරිදා අපරභාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපරභාග කොටස එනම් අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්වභාග 03.21 සිට 14 වැනි සඳුදා පූර්වභාග 09.45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම,වැඩ ඇල්ලීම,ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
ආහර පිසීම
- අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්වභාග 04.04 ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විලඳ ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
- අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්වභාග 06.44 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
හිසතෙල් ගෑම
- අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්වභාග 09.04 ට පච්ච හෙවත් කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
- අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 09.03 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.